මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය කි්‍රයාත්මකවන අනුරාධපුර, පථගස්වැව, ආසිරිගම ගම්මානය ජනපතිගේ නිරීක්ෂණයට

    දෙසැම්බර් 21, 2018

    දිළිදුකම පිටුදැකීම සදහා ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස දීප ව්‍යාප්තව කි්‍රයාවට නංවා තිඛෙන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය කි්‍රයාත්මකවන අනුරාධපුර, ප`ථගස්වැව, ආසිරිගම ගම්මානයේ ද ජනාධිපතිතුමා  (20) නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    එම ජනතාව විසින් ජනාධිපතිතුමා මහත් ගෞරවයෙන් යුතුව පිළිගත් අතර ඉතා අඩු පහසුකම් සහිත සහ අඩුආදායම්ලාභී ජනතාවක් ජීවත්වන එම ගම්මානය තුළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය කි්‍රයාත්මක වන ආකාරය පිළිබ`දව ජනාධිපතිතුමා එහිදී විමසා බැලීය. අනතුරුව ජනාධිපතිතුමා ආසිරිගම ඉසිපතනාරාම විහාරස්ථානයේ දී ග්‍රාමශක්ති නියෝජිතයන් සහ ප්‍රදේශයේ ජනතාව සමග හමුවකට එක් විය.  ප්‍රදේශයේ පෙරපාසල් දෙකක් සංවර්ධනය සදහා සහ සේවා පියස ඉදිකිරීම වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර, පථගස්වැව, ආසිරිගම ගම්මානයේ ග්‍රමශක්ති සමිතිය සදහා ප්‍රතිපාදන ලබාදීම සිදුවූයේ ද ජනාධිපතිතුමා අතිනි. 

    දීර්ඝ කාලයක් පුරා තමන් අපේක්ෂා කළ සංවර්ධනය තමන් වෙත ලබාදීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමාගේ වැඩපිළිවෙළ මෙහිදී ප්‍රදේශයේ මහා සංඝරත්නයේ මෙන්ම ජනතාවගේ නොමද පැසසුමට ලක් විය. 

    ( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya