අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ ග්‍රාමශක්ති ජනතා සමිති වැඩ ආරම්භ කරයි

    දෙසැම්බර් 21, 2018

    ග්‍රාමශක්ති ජනතා සමිති සිය කටයුතු ආරම්භ කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනට සමගාමී කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන කෑගල්ල ලේකම් චන්ද්‍රසිරිබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්   දික්වැල්ල වසමේ දෙවෙල්දෙනිය ගම්මානයේ දී සුභ මොහොතින් ආරම්භ කෙරිණි.

    ඒ අනුව ගම්මානයේ සමෘද්ධි ලිඳ පිළිසකර කිරීම සිදු කෙරෙන අතර මේ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රු. 2.40.000 කි. ග්‍රාමශක්ති ජනතා සමිතිය මූලික කර ගනිමින් මෙහි සියළු ඉදිකිරීම් කටයුතු සිදුකරන්නේ වසමේ ප්‍රජාව විසින්ම වීම විශේෂත්වයකි. ඒ අනුව භාණ්ඩ මිලට ගැනීමේ සිට සියළු ඉදිරි කටයුතු ග්‍රාමශක්ති ප්‍රජා සමිතියේ මැදිහත්වීමෙන් සිදුකෙරෙනු ඇත.


    මෙම ලිඳ පිළිසකර කිරීමෙන් අනතුරුව ගම්මානයේ පවුල් 80 ක ජල පරිභෝජන අවශ්‍යතා සඳහා යොදාගත හැකි වේ.

    මෙම අවස්ථාව සඳහා කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් ජයසිංහ, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස් නිශාන්ත, කෑගල්ල දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ අනෝමා විජේරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහ දික්ඇල්ල වසමේ ග්‍රාමශක්ති ජනතා සමිියේ සාමාජිකයින් ඇතුළු ගම්මාවසීන් විශාල පිරිසක් ද සහභාගී වූහ.

    ග්‍රාමශක්ති වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයට රු.මි 33 ක ප්‍රතිපාදන හිමිව තිබේ.

    DMU/Kagalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya