අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අයවැය කඩිනමින් මැතිසබයට-සුව ඇමැති

    දෙසැම්බර් 21, 2018

    ලබන වසර සදහා වූ අයවැය ලේඛණයක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

    ප්‍රතිජීවක ඖෂධ භාවිතය පිළිබදව කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවැති සම්මන්ත්‍රණයකට ඊයේ (20) පෙරවරුවේ සහභාගි වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සෞඛ්‍ය අමාත්‍යධූරයේ දෙවන වරටත් දිව්රුම් දුන් දොස්තර රාජිත සේනාරත්න මහතා සිය පළමු රාජකාරිය ලෙස මෙම අවස්ථාවට එක්විය.

    මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ ජනවාරි 01 සිට රාජ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා මුදල් වෙන් කර නොමැති බැවින් කඩිනම්න් මුදල් වෙන්කර ගත යුතු බවයි. ඒ සදහා පාර්ලිමේන්තුව රැස්කර අයවැය ලේඛණයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

    නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඉදිරියේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දෙනු ඇතැයි ඔහු මෙහිදී විශ්වාසය පළ කළේය. සෞඛ්‍යා අමාත්‍යවරයා අද (21) සිය අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කිරීමට නියමිත බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya