අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සමරා පා ගමනක්...

    දෙසැම්බර් 21, 2018

    දෙසැම්බර් මස 18 දිනට යෙදී තිබූ ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සුරක්ෂිතව විදේශ රැකියාවකට යොමුවීම පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සදහා බත්තරමුල්ල, පැලවත්ත පාලම් තුන හන්දියේ සිට කාර්යාංශය දක්වා පා ගමනක් සංවිධානය කරන ලදී.

    මෙම අවස්ථාවට කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩබ්.එන්.වී.වන්සේකර, අතිරේක සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) නීතීඥ කීර්ති මුතුකුමාරණ, කාර්යාංශයේ නිළධාරීන්, බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින්, විදේශ රැකියා සදහා යාමට බලාපොරොත්තු වන ශ්‍රමිකයින් හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.   

    මිනිස් වෙළදාම, මිනිස් ජාවාරම යන වරදින් වැලකී සිටීම සහ බේරී සිටීම පිළිබදව දැනුවත් කිරීම අරමුණු කොට ගෙන ILO සංවිධානයේ අනුග්‍රහයෙන් සුරක්ෂිතව රැකියා සදහා විදේශ ගතවීම සම්බන්ධව දැනුවත් කිරීමේ වීදි නාට්‍යයක්ද කාර්යාංශ පරිශ්‍රය තුළදී ප්‍රදර්ශනය කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya