අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

     මුදල් හා ජනමාධ්‍ය ඇමති රාජකාරි අරඹයි- මිල සූත්‍රය යළිත් ක්‍රියාත්මකයි- මහජනතාවට ඉදිරියේ දී සහන රැසක්- මුදල් අමාත්‍ය

    දෙසැම්බර් 20, 2018

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද (20) දිවුරුම් දුන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළේ ය.

    ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල මේ දිනවල අඩුවෙමින් පවතින බැවින් මිල සූත්‍රය අනුව හෙට සිට තෙල් මිල යළි සමාලෝචනය කරන බව මුද අමාත්‍යවරයා වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේ ය.

    මිල සූත්‍රය දිගටම ක්‍රියත්මක වන බවත් අතුරු සම්මත ගිණුම හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මහජනතාවට සාධාරණත්වයෙන් යුතු සහන රැසක් ලබාදෙන බව ද අමාත්‍යවරයා එහිදී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් පැවසී ය.

    මින් ඉදිරියට ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ පහළ යන අන්දමට තෙල් මිල සංශෝධනය වනු ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya