මාර්තු 25, 2019

tami eng youtube google twitter facebook

    නිල්වලා ගඟ ආරක්ෂා කර ගැනීම සඳහා ජල පෝෂක ප්‍රදේශවල රුක් රෝපණය කෙරේ

    දෙසැම්බර් 19, 2018

    මාතර දිස්ත්‍රික්කය තුළ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා ජලය ලබා ගන්නා ප්‍රධාන ජල මූලාශ්‍රය වන නිල්වලා ගඟේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ජාතික ජල සම්පාදන හා ජලාවහන මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන රුක් රෝපණ වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් පසුගියදා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාරඹ ග්‍රාම නිලධාරී වසමේ දී සිදු කරන ලදි.

    පසුගිය ගංවතුර සමයේ විශාල වශයෙන් හානියට පත් වූ නිල්වලා ගඟ දෙපස පිහිටි ඉඩම් නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා අදාළ ඉඩම් හිමියන් වෙත කුඹුක් පැළ 500 ක් බෙදා දීම මෙහි දී සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට ජාතික ජල සම්පාදන හා ජලාවහන මණ්ඩලයේ දකුණු පළාත භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජේ.කේ.එස්. පතිරණ මහතා, සහකාර සාමාන්‍යාධිකාරී ප්‍රිමාල් ජිනදාස මහතා, මාතර දිස්ත්‍රික් කළමණාකරු සමන්ත කුමාර මහතා , ජ්‍යේෂ්ඨ සමාජ විද්‍යාඥ නිරෝෂණී මහත්මිය ජ්‍යේෂ්ඨ රසඥ දුල්ෂිකා මහත්මිය හා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වූ අතර අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් චන්දන තිලකරත්න මහතා, සහකාර අධ්‍යක්ෂ (සැළසුම්) ඩී.ආර්. වන්නිආරච්චි මහතා ඇතුළු නිළධාරීන් සහ ගම්වාසීන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ. මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා වැලිබල් පවර් එරත්න පොදු සමාගම විසින් අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී.

    DMU/Matara

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu