ජූනි 18, 2019
tami eng youtube  twitter facebook
    logo

    කාර්මික නිෂ්පාදන දර්ශකයේ 2.8% ක වැඩිවීමක්

    දෙසැම්බර් 19, 2018

    2018  වසරේ ඔක්තෝම්බර් මාසයේදී කාර්මික නිෂ්පාදන දර්ශකය 2.8%න් ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව 2018 සහ 2017 වර්ෂවල ඔක්තෝම්බර් මස මෙම දර්ශක පිළිවෙලින් 111.0 ක් සහ 108.0 ක් විය.

    නිෂ්පාදන කර්මාන්ත සැලකීමේදී නිෂ්පාදන කාණ්ඩ 20ක් අතුරින් නිෂ්පාදන කාණ්ඩ 10ක්ම 2017 ඔක්තෝම්බර් මසට සාපේක්ෂව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අයි.ආර්. බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළාය.

    එම නිෂ්පාදන අතරින් බීම වර්ග නිෂ්පාදනය, වෙනත් ලෝහ නොවන ඛනිජමය ද්‍රව්‍ය නිෂ්පාදනය සහ රෙදි නිෂ්පාදනවල පිළිවෙලින් 27.4%,11.4% සහ 10.0%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තාවන බව ඇය තව දුරටත් පැවසීය. මීට අමතරව 2018 ඔක්තෝම්බර් මස ආහාර නිෂ්පාදන අංශයේ නිෂ්පාදනය 0.3%ක වැඩි වීමක්ද වාර්තා කරයි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya