මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර වරාතැන්න - හක්කිද පාරිසරික ආරක්ෂණ කමිටුව පිහිටුවයි

    දෙසැම්බර් 18, 2018

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 ජූනි 19 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනය අනුව මහනුවර වරාතැන්න - හක්කිද ප්‍රදේශයේ සිදුවන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සදහා නම් කරන ලද පාරිසරික ආරක්ෂණ කමිටුව මහනුවරදී පිහිටුවන ලදී.

    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම සහ මහනුවර දිසාපති ඩී.එම්.එන්.පී.ජී. තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ රැස්වීමකදී මෙම කමිටුව පිහිටුවීම සිදුවිය.

    මහනුවර දිස්ත්‍රික්කයේ ගගවට කෝරලේ, හාරිස්පත්තුව සහ යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් වරාතැන්න හක්කිද ප්‍රදේශය ලංකාවේ පාරිසරිකමය සහ පුරා විද්‍යාත්මකමය වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශයකි. මහවැලි ගග ආශ්‍රිත සුවිසේෂී රමණීය පරිසර පද්ධතියක් යුත් මෙම ප්‍රදේශය කුඩා ප්‍රමාණයේ දූපත් විශාල සංඛ්‍යාවක්ද දැකගත හැකිය. මහවැලි ගගේ පළලම ස්ථානයත්, පටුම ස්ථානයත් එකානෙකට ඉතාම ආසන්නව මෙම ප්‍රදේශය තුළ පිහිටීම මෙහි ඇති තවත් සුවිසේෂී භූ ලක්ෂණයකි.

    මීට අමතරව අද්විතීය භූ ලක්ෂණ සහිත අධි සංවේදී ගංගාශ්‍රිත පරිසර පද්ධතියකින් යුත් මෙම ප්‍රදේශය ඉහළ ජෛව විවිධත්වයකින්ද යුක්තය. දුලබ ශාඛ හා සත්ත්ව විශේෂ සදහා අවශ්‍ය විශේෂ පාරිසරික තත්වය සහිත විවිධ වාසස්ථාන වලින් සමන්විත මෙම ප්‍රදේශයේ ගඩයා, ගල් පාඩියා, දම්කොළ පෙතියා, සහ කදු අභිරාවා වැනි ලංකාවට අවේනික මත්ස්‍යයන් දැකගත හැකිය.පුරා විද්‍යාත්මක වශයෙන් සලකන විට උඩරට අමරපුර නිකායේ වරාතැන්න සීමා මාලකය මෙම ප්‍රදේශයේ පිහිටා ඇති අතර, වසර සියයකට වඩා පැරණි ගල් ළිද නම් සොරව්වද පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශයේය.

    ගග රක්ෂිතයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම, අනවසර ගොඩ කිරීම්, අනවසර ඉදි කිරීම් සහ වැලි ගොඩ දැමීම් වැනි පාරිසරික බලපෑම් නිසා මෙම ප්‍රදේශය පාරිසරික ආරක්ෂණ කලාපයක් ලෙස නම් කරන ලෙස විවිධ පාරිසරික සංවිධාන ඇතුළු
    ආයතන කාලාන්තරයක් තිස්සේ ඉල්ලීම් ඉදිරිපත් කරන ලදී.ජනාධිපතිතුමන් විසින් මෙම ප්‍රදේශයේ පාරිසරික ආරක්ෂණ කලාපයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් නම් කරන ලද්දේ ඒ අනුවය.

    මේ අනුව වරාතැන්න හක්කිද පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය තුළ ඉදිරියේදී සිදු කෙරෙන සෑම ක්‍රියාකාරකමක් අධීක්ෂණය කිරීමේ බලතල අද පත් කළ මෙම කමිටුව වෙත පැවරෙන අතර, එහි සභාපතිත්වය දරන්නේ මධ්‍යම පරිසර අධීකාරියේ පළාත් අධ්‍යක්ෂ තනතුර හොබවන පුද්ගලයාය. ඊට අමතරව තවත් රජය සහ පරිසර සංවිධාන නියෝජනය කරන පුද්ගලයන් 11 දෙනෙක් මෙම කමිටුවේ සාමාජිකත්වය දරනු ලැබේ.

    DMU/Kandy 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya