අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්න විසදා ගනිමු - පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස

    දෙසැම්බර් 17, 2018

     තනි තීන්දු ගන්නේ නැතුව කතාබහ කර,සාකච්ඡා කර,සම්මුතියෙන්,සංහිදියාවෙන් ප්‍රශ්න විසදා ගැනීමට පරිණත දේශපාලඥයින් හැටියට අප කටයුතු කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඒ මහතා මෙසේ පැවසුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ඊයේ (16) ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ දී ය.

    මෙහිදී තවදුරටත් කතා කළ සජිත් ප්‍රේමදාස මහතා, විවිධ ආවේගශීලී අවස්ථාවල දේශපාලන උණුසුමත් සමඟ අපෙන් සහ අනෙකුත් පාර්ශ්වවලින් විවිධ උණුසුම් වචන පිටවූ නමුත් කිසිම අවස්ථාවක ජනාධිපතිතුමා හිරේ දමන්නවත්,ශාරීරික හානි කරන්නවත්, එතුමාගේ පවුලේ සාමාජික සාමාජිකාවන්ට හානි කරන්නටවත් අපේ පාර්ශ්වයේ කිසිම බලාපොරොත්තුවක් නැති බවද කීය.

    එසේම ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවත්, එවැන්නක් ගැන සාකච්ඡා නොකළ බවත් මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya