මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස.(සා.පෙ.) විභාගයට පෙනී සිටි සිසු දරු දැරියන්ට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව

    දෙසැම්බර් 17, 2018

    පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව තම නිපුණතා වර්ධනය කරගනිමින් රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට වෘත්තීය ක්ෂේත්‍රයන්හි පූර්ණකාලීන හා අර්ධකාලීන පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    නවීන තාක්ෂණයත් සමග වෙනස් වෙමින් පවතින ශ්‍රම වෙ‍ෙළඳපොළට අවශ්‍ය නිපුණතාවයෙන් හෙබි පුහුණු ශිල්පීන් බිහිකිරීමේ අරමුණින් මෙම පාඨමාලා ආරම්භ කර ඇත. ශ්‍රම වෙ‍ෙළඳපොළ ප්‍රවණතාවයන් සූක්ෂම ලෙස අධ්‍යයනය කරමින් ඊට අවශ්‍ය නිපුණතාවයන්ගෙන් හා නිවැරදි ආකල්පවලින් සමන්විත ශ්‍රම බලකායක් බිහිකර දැනට පවතින රැකියා වියුක්තියට විසඳුම් ලබාදීම මෙම වැඩපිළිවෙල මගින් අපේක්ෂා කෙරේ.


    පාසල් අධ්‍යාපනය නිමකරන සිසුන්, පාසැල් හැර ගිය සිසුන්, අ.පො.ස.(සා.පෙ.) විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන්, රැකියා විරහිත තරුණ තරුණියන්, සමාජ ආර්ථිකමය වශයෙන් වරප්‍රසාද නොලත් පාර්ශවයන්, ව්‍යවසායකයින්, පාරම්පරික ශිල්පීන් ඇතුළු තම සහජ හැකියාවන් වර්ධනය කරගැනීම තුලින් ආර්ථිකය ශක්තිමත් කරගැනිමට රුචිකත්වයක් දක්වන ශ්‍රම බලකාය ඉලක්ක කරගෙන මෙම පාඨමාලා සැලසුම් කර ඇත.


    ඒ අනුව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET), ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA), ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA), ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය (CGTTI), ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය (SLIOP), වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (UNIVOTEC), විශ්වවිද්‍යාල විද්‍යායතන (University Colleges), ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය (NIBM), සි/ස ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM)
    සහ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය හා ප්‍රාදේශිය මධ්‍යස්ථාන (OCUSL) යන ආයතන 09 හරහා මෙම පාඨමාලා පවත්වනු ලැබේ.

    මෙම ආයතන තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) ලියාපදිංචි වී ඇති අතර එම කොමිෂන් සභාව මගින් ඉහත ආයතන නියාමනය කරනු ලැබේ. වෘත්තීය ක්ෂේත්‍ර 28 ක් යටතේ පාඨමාලා 2057 ක් සඳහා ඉල්ලුම් කල හැක.

    ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ (NVQ) මට්ටම් 07 ක් යටතේ සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා සහ උපාධි පාඨමාලා ලෙස මෙම පුහුණු අවස්ථාවන් වර්ගීකරණය කර ඇත. විධිමත් ලෙස තොරතුරු හුවමාරු කර ගැනීමට හැකිවන අයුරින් මෘදු කුසලතා වර්ධනය කිරීම, භාෂා හැකියාව වර්ධනය කරගැනීමට අවකාශ සලසා තිබීම, රැකියා අවස්ථා මෙන්ම ව්‍යවසායකත්ව පුහුණුව සහ ස්වයං රැකියා සඳහා ණය පහසුකම් ලබා දීම පාඨමාලාලාභීන්ට ලැබෙන අමතර වරප්‍රසාද කිහිපයකි.


    එමෙන්ම, පාඨමාලා පවත්වනු ලබන කාල සීමාවතුළ අදාළ විෂය පිළිබඳ පූර්ණ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් අධුනිකයන්ට ලබා දෙන අතර, දිවයිනේ ප්‍රමුඛ පෙළේ කර්මාන්ත ආයතන හා එක්ව පවත්වන ශිල්පීය ප්‍රවර්ධන වැඩසටහන් හරහා වැඩ ලෝකයට අවශ්‍ය නිපුණතා වර්ධනයක් මෙහිදී සිදු කෙරේ.


    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.youthjobs.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ තම Face Book ගිණුම හරහා TVET Sri Lanka Face Book පිටුවට පිවිසීමෙන් හෝ 011-2081808 දුරකථන අංකය ඔස්සේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ඇමතීමෙන්, අමාත්‍යාංශය යටතේ ඇති පුහුණු ආයතන ඇමතීමෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවයේ නියුතු නිපුණතා සංවර්ධන නිලධාරීන් ඇමතීමෙන් ලබාගත හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya