අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික්කයේ 3000කට අධික සංවර්ධන වැඩසටහන් පිළිබඳව විමසා බලයි

    දෙසැම්බර් 17, 2018

    මාතර දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක 3000 ට අධික සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ගැටළු සාකච්ඡා කෙරෙන විශේෂ සංවර්ධන කමිටු රැස්වීමක් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

     ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වැඩසටහන් වන පෝෂණය සඳහා වූ බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම, ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන, තිරසර පාසල් වැඩසටහන, ඩෙංගු මර්දන වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ වැඩසටහන, පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන, ආබාධ සහිත සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා වූ ජාතික වැඩසටහන ආදියෙහි ප්‍රගතිය විමසා බලන ලදි.

    මෙහි දී මාතර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනයන්හි සංවර්ධන ප්‍රගතිය හා විමධ්‍යගත වැඩසටහන, දිවිනැගුම ජාතික වැඩසටහන, මාතර - කතරගම දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, මාතර - කතරගම අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, නගර සංවර්ධනය, දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය, කෘෂිකර්ම , ඉඩම් , වාරිමාර්ග ,සත්ත්ව පාලන කටයුතු, මාර්ග සංවර්ධන කටයුතු, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සංවර්ධන කටයුතු, මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන
    කටයුතු, නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන නිවාස සංවර්ධන ව්‍යාපෘති, දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ කටයුතු, පළාත් පාලන කටයුතු, ප්‍රවාහන කටයුතු, ධීවර සංවර්ධන ව්‍යාපෘති, ජල සම්පාදන, විදුලිය සංවර්ධන කටයුතු, කර්මාන්ත සංවර්ධනය, තැපැල් , විදුලි සන්දේශ කටයුතු ආදිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.

    මීට අමතරව දිස්ත්‍රික් සංවර්ධන කමිටු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ගැටලු සහ යෝජනා, ප්‍රාදේශිය සංවර්ධන කමිටු වලින් ඉදිරිපත් වී ඇති ගැටලු සහ යෝජනා පිළිබඳව ද සාකච්ඡා විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya