අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොතුවිල්සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදේ තද වැසි සහ සුළං

    දෙසැම්බර් 14, 2018

    නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දෙසැම්බර් මස 13 දින පෙ.ව. 05.30 වන විට උතුරු අක්ෂාංශ 6.5 සහ නැගෙනහිර දේශාංශ 88.7 ආසන්නයේ ත්‍රිකුණාමලය සිට ආසන්න වශයෙන් කි.මී. 850 ක් පමණ නැගෙණහිරට බරව ගිනිකොන දෙසින් ස්ථානගතව පැවැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම පද්ධතිය ඉදිරි පැය 12ක කාලයතුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වාද ඉන්පසු 24 පැය තුල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

    ඒ හේතුවෙන් පොතුවිල්සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.

    2018දෙසැම්බර් මස 16 දින තෙක් පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya