අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්තානු යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් කොළඹ දී යුද්ධ හමුදාධිපති හමුවේ

    දෙසැම්බර් 14, 2018

    පාකිස්තානු යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් චිරාග් හයිඩර් (Chiragh Haider) සමඟින් කර්නල් අරිෆ් බන්ග්ෂ් (Arif Bangash) සහ මේජර් ජෑන් බඩ්ෂා (Jan Badshah) මහතා ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සංචාරයක් අතරතුර බ්‍රහස්පතින්දා (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවිය.

    මෙහිදි යුද්ධ හමුදාධිපති  සහ නියොජිත පිරිස අතර ද්වීපාර්ශවික වශයෙන් වැදගත් කරුණු සහ දෙරට අතර පුහුණු සබදතා තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.

    මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා දෙරට අතර සුහදත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් සංචාරක ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළහ.

    මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ වන්නිආච්චි මහතා  සහ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලි (Colonel Sajjad Ali) මහතා සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya