අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර හා නාවුක කටයුතු සැලකිල්ලෙන්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    දෙසැම්බර් 13, 2018

     

    හම්බන්තොට සිට පොතුවිල්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවල දෙසැම්බර් 15 දක්වා නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදෙයි.

    දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 ක කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන ලකුණු ඇත. එය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් මස 15 වනදා වන විට තමිල්-නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි දැනට අනුමාන කෙරේ.

    ඒ හේතුවෙන් එම කාලය තුලදී හම්බන්තොට සිට පොතුවිල්, මඩකලපුව සහත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya