අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය දැව සංස්ථාව තෙවන වරටත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

    දෙසැම්බර් 13, 2018
    ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උලෙළේ දී රාජ්‍ය නිෂ්පාදන අංශය වෙනුවෙන් පිදෙන රන් සම්මානය මෙවර ද රාජ්‍ය දැව සංස්ථාව විසින් හිමිකරගත් අතර විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත එම සම්මානය ඉදිරිපත් කිරීම   (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 
     
    රාජ්‍ය දැව සංස්ථාව විසින් මෙම සම්මානය දිනාගත් තෙවන අවස්ථාව මෙය වන අතර සංස්ථාවේ කාර්යභාරය මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක් කෙරිණි.
     
    රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා විසින් සම්මානය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ක්‍රියාකාරී අධ්‍යක්ෂ එම්.වයි.ටී. පවර කුමාර මහතා ඇතුථ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya