අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බටලන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 12 වන උපාධි ප්‍රදානෝත්සවය ජනපති ප්‍රදානත්වයෙන්

    දෙසැම්බර් 12, 2018

    සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 12 සාර්ථක ලෙස හදාරා නිම කළ ති්‍රවිධ හමුදා ශිෂ්‍ය නිලධාරින්ට එම උපාධි සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සේනාධිනායක, ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 

    තෝරාගත් ති්‍රවිධ හමුදා නිලධාරින් සහ රාජ්‍ය ආයතනවල නිලධාරින්ගේ වෘත්තීය අවබෝධය දියුණු කිරීම හා ඔවුන් තම ආයතනවල අණ හා මාණ්ඩලික තනතුර සදහා පුහුණු කිරීම මෙම විද්‍යාලය මගින් සිදු කරනු ලබන අතර, මෙරට ති්‍රවිධ හමුදාව ස`දහා අධ්‍යාපන පාඨමාලා පවත්වන ආයතන අතරින්, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පෝෂණය වන වෘත්තීමය වශයෙන් ඉහළම දැනුම් සම්භාරයක් සම්පාදනය කරන නායකත්ව හා කළමනාකරණ පුහුණුවත්, ති්‍රවිධ හමුදා ඉහළ තනතුරුවලට අදාළ රාජකාරී පිළිබද පුහුණුවත් සම්පාදනය කෙරෙන ප්‍රධානම ආයතනයක් ලෙස කි්‍රයාත්මක වෙයි.

     යුද හමුදා ශිෂ්‍ය නිලධාරින් 68 දෙනෙකු, නාවික හමුදා ශිෂ්‍ය නිලධාරින් 27 දෙනෙකු, ගුවන් හමුදා ශිෂ්‍ය නිලධාරින් 27 දෙනෙකු, සහ විදේශීය රටවල සිසුන් 14 දෙනෙකු ඇතුථ ති්‍රවිධ හමුදා ශිෂ්‍ය නිලධාරින් 136 දෙනෙකු මෙවර පාඨමාලාව සාර්ථකව හදාරා උපාධි සහතික හිමිකරගත්හ.

     ඉන්දියාව, ඉන්දුනිසියාව, එක්සත් ජනපදය, චීනය, නේපාලය, පකිස්තානය, බංගලාදේශය, මාලදිවයින, රුවන්ඩාව හා ෆීජි යන රටවල් 10  නියෝජනය කරමින් විදෙස් ශිෂ්‍ය නිලධාරින් 14 දෙනෙකු ද මෙම පාඨමාලාව සාර්ථකව හැදැරූවන් අතර වේ. 

     අද පෙරවරුවේ බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය වෙත ගිය සේනාධිනායක ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා ඉතා අභිමානවත් අයුරින් පිළිගැනිණි. 

     පාඨමාලාවේ කැපීපෙණෙන දක්ෂතා දැක්වූ ශිෂ්‍ය භටයන් වෙත සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර හො`දම පර්යේෂණ කෘති සදහා ද සම්මාන පිරිනැමිණි. 

     මෙහි පුහුණුව ලබන ති්‍රවිධ හමුදා නිලධාරින්ගේ දැනුම සහ බුද්ධි වර්ධනය පු`ථල් කිරීමේ අරමුණින් ස්ථාපිත කෙරුණු නවීනතම අංගෝපාංගයන්ගෙන් සමන්විත පුස්තකාලය අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ ති්‍රවිධ හමුදාපතිවරුන්, හිටපු හමුදාපතිවරුන්, රාජ්‍ය තාන්ති්‍රක හමුදා සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ ති්‍රවිධ හමුදා නිලධාරින් සහ උපාධිධාරි නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya