අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු පීඩන අවපාතයක්- ධීවර හා නාවුක ප්‍රජාව අවධානයෙන් සිටින්න- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    දෙසැම්බර් 12, 2018

    දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24ක් කාලය තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    පීඩන අවපාතය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් මස 15 වනදා වන විට තමිල්-නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි දැනට අනුමාන කෙරේ. ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

     දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල ප්‍රධානවශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ. කෙසේවෙතත් නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රිකාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා වන තරමක්තද සුළං සහ තරමක ශීත කාලගුණ තත්වයක් ඇති විය කි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya