අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව රැස්වෙයි

    දෙසැම්බර් 12, 2018

    පාර්ලිමේන්තුව අද (12) සවස 1.00ට කතානයක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

    මේ අතර ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ,තම පාර්ශවයේ කිසිදු මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු රැස්වීමට සහභගී නොවන බවය. පාර්ලිමේන්තුව විසුරුවා තිබෙන බවත්,ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් කිසිවක් කළ නොහැකි බවත් විසුරුවා ඇති පාර්ලිමේන්තුවක් පිළිගත නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

    අද (12) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, නීත්‍යාණුකූල නොවන පාර්ලිමේන්තු රැස්වීමකට සහභාගී නොවන බවය.

    පාර්ලිමේන්තු රැස්වීම අද ආරම්භ වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya