අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිද ඇතුථ පවුලේ සාමාජිකයන් ජනපති හමු වෙයි

    දෙසැම්බර් 12, 2018
    මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිද, පුතණුවන් ඇතුථ පවුලේ සාමාජිකයන්   (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
    මෙහිදී එම පිරිස සමග සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ අභාවය පිළිබද සිය බලවත් කනගාටුව පළ කරනු ලැබීය.
    වයස අවුරුදු හතරහමාරක් වයසැති කුඩා පුතණුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු මෙන්ම පවුලේ සුබසාධන කටයුතු සදහා සහය දැක්වීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. 
    එමෙන්ම නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිද වන නදීකා ලක්මාලි මහත්මිය වෙත ගාල්ල, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රමශක්ති වැඩසටහනේ සංවර්ධන නිලධාරී පත්වීමක් ලබාදීමට ද ජනාධිපතිතුමා පියවර ගනු ලැබීය. 
    ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya