මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය ගැනීමට නොහැකි බවට ගෙනයන ප්‍රචාර සාවද්‍යයි

    දෙසැම්බර් 11, 2018

    ණය ගැනීමට නොහැකි බවට ගෙන යන ප්‍රචාර සාවද්‍යය බවත් යම් කිසි අවස්ථාවක විසර්ජන පනතක් අනුමත වී  නැති වෙලාවක, ලංකාවේ පිටත සහ ඇතුළත වියදම්,සඳහා ණය ලබාගැනීමට හැකි විශේෂ විධිවිධන පනතක් ඉදිරිපත් කර තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    මන්ත්‍රීවරයා අද (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ සඳහන් කළේ ය.

    ලංකාවට මේ මොහොතේ කැබිනට් අනුමතියක් නැතිව සහ මුදල් අමාත්‍යවරයෙක් නොමැතිව ණය ලබා ගත  නොහැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ බව කියන ප්‍රකාශයකට පිළිතුරු දෙමින්  මන්ත්‍රීවරයා මෙසේ ද පැවසී ය.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අංක 1982 අංක 40 දරණ ණය (විශේෂ විධි විධාන ) පනත යටතේ , යම් කිසි  අවස්ථාවක විසර්ජන පනතක් අනුමත වී නැති වෙලාවක, ලංකාවේ පිටත සහ ඇතුළත වියදම්,සඳහා ණය  ලබාගැනීමට විශේෂ විධිවිධන පනතක් ඉදිරිපත් කර තිබෙනවා. මේ මඟින් ගිය වර්ෂයේ මුළු විසර්ජන පනතින්  ආණ්ඩුවට ණය ලබාගන්න තිබූ මුළු මුදලින් හතරෙන් එක් පංගුවකට නොවැඩි ණය මුදලක් ලබගන්න  පුළුවන්.රටත් නිලධාරිත් භය කරන්න සිදු කරන සාවද්‍ය ප්‍රකාශවලට අප දැඩි විරෝධය පළ කරනව ''යැයි ද  මන්ත්‍රීවරය පැවසි ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya