මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උත්සව සමයේ දී හිගයකින් තොරව, සාධරණ මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසන ලෙස ජනපතිගෙන් උපදෙස්

    දෙසැම්බර් 11, 2018

    එළැඹෙන උත්සව සමයේ වෙළෙදපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිගයක් ඇතිවීමට ඉඩ නොතබන ලෙසත්, මිල ඉහළ යාමකින් තොරව සාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසන ලෙසත් ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

    ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ  උත්සව සමයේ ජීවන වියදම පිළිබද සාකච්ඡා කිරීම වෙනුවෙන් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ය. 

    අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරු, මුදල් අමාත්‍යාංශයේ සහ වෙළෙද අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුථ අදාළ සියලූ පාර්ශ්වයන් ජනාධිපතිතුමා විසින් මෙම සාකච්ඡාවට කැදවා තිබුණි. 

    වෙළෙදපොළ තුළ අසාධරණ ලෙස මිල වැඩිවීම්වලට ඉඩ නොතබා මිල නියාමනයක් සිදුකරමින් නිරන්තරයෙන් වෙළදපොළ මිල පිළිබද අවධානයෙන් පසුවන ලෙස මෙහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරින් වෙත උපදෙස් දුන් ජනාධිපතිතුමා, වෙළෙදපොළ මිල දර්ශක පිළිබද නිරන්තරයෙන් පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද උපදෙස් දුන්නේ ය.

    එමෙන්ම එළැඹෙන උත්සව සමයේ සතොස හරහා සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදෙමින් පාරිභෝගික ජනතාවට උපරිම සහන සැලසීමේ වැඩපිළිවෙළක් පිළිබ`දව ද මෙහිදී අවධානය යොමු විය. 

    වෙළෙ`දපොළ තුළ තෙල් මිල අඩුවීමේ ප්‍රතිලාභය වක්‍රාකාරව පාරිභෝගියා වෙත ලබා දීමේ ක්‍රමවේදය පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. 

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ

    ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya