මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් සංචාරකයින් 2500 ක ගේ පමණ සහභාගීත්වයෙන් සංචාරක කඳවුරක්

    දෙසැම්බර් 11, 2018

    විදෙස් සංචාරකයින් 2500 ක ගේ පමණ සහභාගීත්වයෙන් සංචාරක කඳවුරක් අම්බලන්තොට උසන්ගොඩ වෙරළ ආසන්නයේ දි ලබන වසරේ 2019 ජනවාරී මස 9 සිට 15 දක්වා පැවැත්විමට සැලසුම් කරන බව සංචාරක සංවර්ධන අධිකාරීය පවසයි.

    මෙම සංචාරක කඳවුර පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන උසන්ගොඩ කඳුමුදුන ආසන්න වෙරළ තීරයේ අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීම හම්බන්තොට දිස්ත්රිනක් ලේකම් එම්.කේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරීනි.

    පසුගිය මෙම සංචාරක කඳවුර පානම ප්‍රදේශයේ වෙරළ තීරුවේ පැවැති බවත්, මෙවර දකුණු පළාත ඉලක්ක කරගෙන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව මෙහිදී අනාවරනය විය.

    රටවල් 70 ක් නියෝජනය කරමින් මෙම කඳවුරට සහභාගී වන සංචාරකයින්ගෙන් මෙරටට විශාල අදායමක් ලැබෙන බවද සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

    අදාළ ව්‍යාපෘති වාර්තාව වනජීවී දෙපාර්තුමේන්තුව හා වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට හා අදාළ සෙසු ආයතනවලට ලබා දෙන ලෙසට හම්බන්තොට දිස්ත්රිමක් ලේකම් එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා මෙහිදී මෙම වැඩ සටහන සංවිධානය කරනු ලබන සංවිධානයට උපදෙස් ලබා දුන්නේය .

    අම්බලන්තොට ප්රාපදේශිය ලේකම් එච්.තිලකවර්ධන, සංචාරක කඳවුර සංවිධානය කරනු ලබන සංවිධනායේ නියෝජිතයින්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -හම්බන්තොට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya