මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාත් විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 189 දෙනෙකුට ශිෂ්‍යත්ව

    දෙසැම්බර් 11, 2018

    උතුරු මැද පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් 189 දෙනෙකු සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ම`ගින් රු. 4,755,000.00ක ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

    එම වැඩසටහන 08 දින අනුරාධපුර තරුණ සේවා සභාවේ යොවුන් නිකේතන ශාලාවේදී මෙම වැඩසටහන පැවැත්විණි. කාර්යාංශයේ මගින් වාර්ෂිකව මෙසේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකරන අතර, කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතවී සිටින දෙමාපියන්ගේ දූ දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.

    මෙහිදී අනුරාධපුර, පොලොන්නරුව හා වව්නියාව යන දිස්ත්‍රික්ක වල දරුවන් 189 දෙනෙකු ශිෂ්‍යත්ව ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබූ අතර, මෙම අවස්ථාවේදී පිරිනමන ලද ශිෂ්‍යත්ව වටිනාකම රුපියල් හතලිස් හත් ලක්ෂ පනස්පන් දහසකි.  2017 වසරේ පහ වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් 50 දෙනෙකුද, 2016 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් 111 දෙනෙකු හා 2016 වසරේ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් 28 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව ලබාදෙන ලදී. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සදහා රු.20,000.00 බැගින්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවෙකු සදහා රු.25,000.00 බැගින් හා විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවෙකු සදහා රු.35,000.00 බැගින්ද මුල්‍යමය ශිෂ්‍යත්ව ලබාදෙන ලදී.

    2018 වර්ෂයේදී විගමණික දෙමාපියන්ගේ දරුවන් 3203 දෙනෙකු සඳහා රු.80,130,000.00 මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට නියමිත අතර, මෙහි සිව්වන අදියර දෙසැම්බර් 13 දින මහනුවර, උඩරට කලා සංගම් ශාලාවේදී පැවැත්වේ.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ සංවර්ධන) පී.පී.වීරසේකර, ජ්‍යෙෂ්ඨ කළමනාකරු උතුරු මැද පළාත් එල්.වයි.පතිරණ, කළමනාකරු (සුභසාධන) අනුර සූරියආරච්චි, අනුරාධපුර දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානයේ සහකාර කළමනාකාරිනි ඒ.එල්.ඩී.ලක්රාණි යන මහත්ම මහත්මීන් එක්වී සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya