අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාගම හා අන්දරගස්යාය හරහා ඉදිකරමින් යන විදුලි වැට ගැන සොයා බලයි

    දෙසැම්බර් 10, 2018

    තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාගම හා අන්දරගස්යාය ග්‍රාම නිලධාරී වසම් හරහා ඉදිකරමින් යන විදුලි වැට පිළිබදව සොයා බැලීම සදහාත් එම විදුලි වැට ඉදිකිරීමේදී මහජනතාව විසින් ඉදිරිපත් කර ඇති ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම සදහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් ද එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදිණි.

    තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති උපුල් මහතා හා මන්ත්‍රීවරුපිරිසක් එක්ව මාගම පුරාණ විහාරස්ථානයේදි ගම්වැසියන් සමග සාකච්ඡා කර අදාළ සියලු නිලධාරීන් සමඟ ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදුකෙරිණි.

    මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා, ජනතාවට පෙන්වා දුන්නේ අලිවැට ආරක්ෂා කිරීමේ ප්‍රධාන අරමුණ ජීවිත ආරක්ෂා කිරීම බවත් වගා කිරීම් සිදුකර තිබෙන ඉඩම් සදහා යෑමට ඒමට ස්ප්‍රීන් ගේට්ටු ලබා දිය හැකිබවත් මාගම පිහිටි වැලිවැටිය ආරක්ෂාවන ලෙස මේ වැට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන අතර රජය විසින් මේ ප්‍රදේශයේ ජීවිත ආරක්ෂා කර ගැනීමට හදන අලිවැට කඩා දමනවා නම් තමන්ගේ ජීවිත අනාරක්ෂිත කර ගන්නේ එම ජනතාවම බව පෙන්වා දුන්නේ ය.

    ඒ අනුව දැනට ඉදිකිරීම් කර නවතා ඇති කිලෝ මීටර් 10ක පමණ ප්‍රදේශයේ සියලුම ඉඩම් වෙත ගොස් සියලු ගැටලු සාකච්ඡා කර ඒ විසදුම් ලබාදුන් අතර ඉදිකිරීම් ඉක්මනින් අවසන් කරන ලෙස වනජීවී නිලධාරීන්ට උපදෙස් ලබා දුනි.

    මේ අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් සී.ඒ සුනෙත් ලෝචන,තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාලිංග ප්‍රියවංශ,වනජීවී සහකාර අධ්‍යක්ෂවරුන්වන ප්‍රසන්ත විමලදාස, පි.හේමන්ත,සහකාර මැතිවරණ කොමසාරිස් සුභාෂ් වෙදගේ,යන මහත්වරු සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,මාගම හා අන්දරගස්යාය ග්‍රාම නිලධාරීන් ඇතුලු පිරිසක් එක්විය.

    DMU/Hambantota

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya