මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ජල ගැටලූවට ද විසදුම් ලබාදෙමින් ඉරණමඩු ජලාශය  ජනපති අතින් ජනතා අයිතියට

    දෙසැම්බර් 07, 2018

    මෙරට ගොවි ජනතාව වෙනුවෙන් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා තැබූ තවත් අපේක්ෂාවක් ඉටු කරමින් ප්‍රතිසංස්කරණය කෙරුණු ඉරණමඩු ජලාශය අද (07) පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

    රටේ ගොවි ජනතාවගේ ජල ගැටලූව විසදීම තම සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ ස්ථානයට පත්කරගත් ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ  පූර්ණ මගපෙන්වීමෙන් මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සමග ආරම්භ කෙරුණු මෙරට වාරි කි්‍රයාන්විතයේ දෙවන පියවර ලෙස උතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චි ඉරණමඩු ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2015 වසරේදී ආරම්භ කෙරිණි. 

    ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට වාන් දැමීමේ සුබ අවස්ථාව අද උදෑසන උදා වූ අතර අද පෙරවරුවේ ජලාශ පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා ජලාශයේ වාන් දොරටු විවෘත කරනු ලැබීය.

    උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, අංගජන් රාමනාදන්, යන මහත්වරුන් ඇතු`ථ මැති ඇමතිවරුන් ද ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන්, රාජ්‍ය නිලධාරින්, හමුදා ප්‍රධානින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

     

    ( ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya