මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත දින සැමරුම් උළෙල හා ස්වශක්ති අභිමාණී - 2018 ගම්පහ දී

    දෙසැම්බර් 07, 2018

    ජාත්‍යන්තර ආබාධිත දින සැමරුම් උළෙල හා ස්වශක්ති අභිමාණී - 2018 ගම්පහ දිස්ත්‍රික් ඇගයීම් උළෙල ඊයේ (06) පෙරවරු 9.00 සිට ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13හි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිරිසක් උළෙලට සහභාගිවී සිටි අතර මෙහිදී එම අයගේ දක්ෂතාවයන් ඉදිරිපත් කිරීම් සහ ඇගැයීම් සිදු කෙරිණි.

    මෙහිදී අදහස් දැක්වූ ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා, අතීතයේදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, අසාමාන්‍ය තත්ත්වයට පත්වූ පුද්ගලයන් ගැන විශේෂ ලැදියාවක් නොවූ අතර ඔවුන් සමාජගතවීමෙන් ඉවත්කර තිබූණි. අද වනවිට එම දරුවන්ට දියුණු වත්මන් සමාජය තුළ විශේෂ ඇගැයීමක් මෙන්ම පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බවත් එය අගය කළ යුතු තත්ත්වයක බවත් පැවසීය.

    වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්ති තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිළිබඳ ඉහළ ප්‍රමුඛතාවක් ලැබීම සතුටුදායක කරුණක්. නිරෝගී කායික, මානසික පුද්ගලයන්ට වඩා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉහළ කුසලතාවයන්ගෙන් යුක්තයි. සමාජයේ සාමාන්‍ය පුද්ගලයන් ලෙස කටයුතු කරන්න ඔවුන්ටත් අවස්ථාව දෙන ලෙස ලංකාවේ නීතියෙන්ද සම්මත කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    වැඩසටහන මෙහෙයවීම විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු වන 13 හැවිරිදි අෂාන් ජනිත් විසින් සිදු කරනු ලැබීය.

    බස්නාහිර පළාත්, ගම්පහ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමාජ සේවා අංශ මගින් සංවිධානය කොට තිබු මෙම උළෙලට අතිරේක දිසාපති අනුර පියබන්දු, බස්නාහිර පළාත් සමාජ සේවා සහකාර අධ්‍යක්ෂිකා භාග්‍යා වීරසිංහ, ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක, සහකාර දිසාපති ප්‍රසාද් ඉන්දික, දිස්ත්‍රික් සමෘද්ධ අධ්‍යක්ෂ අයේෂ් එම් පෙරේරා, පළාත් සමාජ සේවා නිලධාරීනී එල්.එස්.හේමමාලී, මූලස්ථාන සමාජ සේවා නිලධාරී ජීවන් වීරකෝන් යන මහත්ම මහත්මීහු ඇතුලු පිරිසක් සහ දරුවන්ගේ දෙමාපියන් ද එක්ව සිටියහ.

    DMU/Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya