අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමකාමී මැතිවරණයක් ඉල්ලා මහා අධිෂ්ඨාන පූජාවක්

    දෙසැම්බර් 06, 2018

    ''සාමකාමී මැතිවරණයක් අප රටට යොමු වේවා,ඒ සඳහා ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය  කරන භවතුන්ට සම්‍යයක් දර්ශනය පහළ වේවා!''ඇතුළු තේමාවන් මුල්කර ගනිමින් දෙදහසකට අධික මහා සංඝරත්නය සහභාගීත්වයෙන් මහා අධිෂ්ඨාන පූජාවක් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අද (6) සවස පැවැත්විණි.

    මෙම අධිෂ්ඨාන පූජාවට සහභාගී වීම සඳහා සිව් දිගින් වැඩම කළ සංඝයා වහන්සේලා, කොළඹ විජේරාම මාවතේ  පිහිටි සම්බෝධි විහාරස්ථානයේ සිට පාගමනින් නිදහස් ශාලාව වෙත වැඩම කළහ.

    නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ රැස්ව සිටි පිරිස පංච ශීලයේ පිහිට වූ  අතර සිංහල රාවයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පිළිගැනීමේ කතාව පැවැත්වූහ. මේ අවස්ථාවට බෞද්ධ සංවිධාන රැසක් ද එක්ව සිටියහ.

     

    adis

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya