අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්ථාවර රටක් වෙනුවෙන් මහමැතිවරණයකට යා යුතුයි- ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන්

    දෙසැම්බර් 06, 2018

    මහජනතාවගේ බලයට ඉඩ ලබාදිය යුතු බවත් ස්ථාවර රටක් වෙනුවෙන් මහමැතිවරණයකට යා යුතු බවත් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් මහතා පවසයි.

    තිලකරත්න දිල්ශාන මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (6) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    රටට සේවය කරන පුද්ගලයන් විදියට ක්‍රීඩකයෙක් ලෙස ජනතාව වෙනුවෙන් කතා කළ යුතුයි. මැතිවරණයකට යා යුතුයි. ස්ථවර රටක් හදන්න මැතිවරණයකට යා යුතුයි. ජනතාවට ගිහිල්ලා ජනතා කැමැත්ත විමසලා, රට ඉදිරියට රැගෙන යා යුතුයි.

    මම පක්ෂ භෝදයක් නොමැතිව ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. මහජනතාවගේ බලයට ඉඩ දිය යුතුයි. ජනතා කැමැත්ත උරගා බලන ජනතා කැමැත්තට ඉඩ දෙමු. එමෙන් ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, හරි පුද්ගලයන් තෝරාගෙන පාර්ලිමේන්තුවට යවන්න කටයුතු කරන  කරන්න යැයි තිලක රත්න දිල්ෂාන් මහතා ප්‍රකාශ කර සිටියේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya