අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් කදුකර දින ජාතික සැමරුම මාතලේ දී

    දෙසැම්බර් 06, 2018

    පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ උපදේශණය හා අනුග්‍රහයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් 2018 ජගත් කදුකර දින සැමරීමේ ජාතික උත්සවය දෙසැම්බර් 11 දින මාතලේ ලග්ගල දී පැවත්වේ.

    මෙම කදුකර දින සැමරුම් වැඩසටහනට සමගාමිව දුම්බර කදුකරයේ ලකේගලට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයේ සංචාරකයින් දැනුවත් කිරිමේ පුවරු සවි කිරිම, දුම්බර වනපෙතේ විවිධ දේශගුණික හා පරිසර පද්ධති කලාප හදුනා ගැනිමේ පුවරු 9ක් සවි කිරීම, දුම්බර වන පෙතට ආවේනික වු ශාක පැල වර්ග සිටුවීම, සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරිමේ අරමුණින් සොභා සිරිය නැරඹිමේ පාපැදි සවාරි, දුම්බර වන පෙත පිළිබද නිලධාරින් ඇතුළු පොදු ජනතාව දැනුවත් කිරීම, කිවුලේ වාඩිය,දංදෙණිකුඹුර රණමුරේ වන මං සංචාරය ඇතුළු විවිධ වැඩ සටහන් රැසක් සංවිධානය කොට ඇති බව ගැපෙක් ශ්‍රි ලංකා සංවිධානයේ අධ්‍යක්ෂ පරිසරවේදී ගාමිණි ජයතිස්ස මහතා පැවැසීය.


    මාතලේ මහනුවර රාජ්‍ය නොවන සංවිධාන දිස්ත්‍රික් සංසද, ශ්‍රී ලංකා සොබා සංසදය, ශ්‍රී ලංකා දේශගුණ හා වනාන්තර ක්‍රියාකාරී ජාලය, දිසාවන කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, ලග්ගල ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය, මොරගහකන්ද කළුගග ව්‍යාපෘති කාර්යාලය, මාතලේ සිවිල්සංවිධාන ඇතළු ආයතන රැසක් මෙම වැඩසටහන සදහා දායකවේ.

    එමෙන්ම මාතලේ දඹුල්ල හා හසලක කාර්මි විද්‍යාල සිසුන් නාඋල ඉනාමලුව යොවුන් සේනාංක අභ්‍යාසලාභින් ලග්ගල කලාපයේ පාසැල් සිසුන් ගම්වාසින්, රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya