අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසර සංවර්ධනය ගැන ස්වේච්ඡා සංවිධාන දැනුවත් කිරීමක්

    දෙසැම්බර් 06, 2018

    තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් රජය මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහන් සහ යෝජනා පිළිබද මහනුවර දිස්ත්‍රික්කයේ ස්වේච්ඡා සංවිධාන දැනුවත් කිරීමේ වැඩසටහනක් 4 දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

    තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සදහා ගමන් කිරීමේදී ලංකාව මේ වන විට අත්සන් තබා ඇති ජාත්‍යන්තර ගිවිසුම් සහ වැඩසටහන් පිළිබද අවබෝධයක් ලබා දීම සහ වර්තමානයේ ලංකාව මුහුණ දී ඇති සංවර්ධන ගැටළු ගැන මෙහිදී දැනුවත් කිරීමක් සිදු විය. තිරසර සංවර්ධන වැඩසටහන යටතේ අරමුණු 17 ක් මුල් කර ගනිමින් එම අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සකස් කොට ඇති අතර, ඒම අභියෝග 2030 වන විට ජයගැනීමට අවශ්‍ය මග පෙන්වීම්ද සිදු කොට තිබේ.

    තිරසර සංවර්ධනය සහ ලංකාවේ සංවර්ධන තත්වය පිළිබදව දැනුවත් කිරීම සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය තිලක් විජේතුංග බණ්ඩාර මහතා සහභාගි වූ අතර මහනුවර දිස්ත්‍රික්කයේ ස්වේච්ඡා සංවිධාන නියෝජනය කරන නිලධාරීන් 300 ක් පමණ මෙම වැඩසටහනට සහභාගී වූහ.

    මහනුවර දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එන්.ජී.ජී .තිස්ස කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සදහා මහනුවර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඩබ්.එම්.ආර්.කේ.කේ.විජේසුන්දර මහත්මිය ඇතුළු තවත් නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya