අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා නිෂ්පාදන ප්‍රදර්ශනය හා අළෙවි පොළ මාතර - කොටුව මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේ දී

    දෙසැම්බර් 05, 2018

    මාතර දිස්ත්‍රික්කයේ කාන්තා කාර්ය සංවිධානවල කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් වෙළඳ ප්‍රදර්ශනය හා අළෙවි පොළ දෙසැම්බර් මස 03 හා 04 දිනවල මාතර - කොටුව මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේ දී පැවැත්විණී.

    මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මෙනෙවියගේ ප්‍රධානත්වෙයන් මෙහි සමාරම්භය සනිටුහන් වූ අතර ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් හා කාන්තා ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් එක් වූහ.

    මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 650 පුරා විසිරී සිටින කාන්තා කාර්ය සංවිධානවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා පුළුල් වෙළඳ පොළක් හඳුන්වා දීම, අපනයන විභවතාවයෙන් යුත් කර්මාන්ත පුළුල් කිරීමෙන් අපනයන විවිධාංගීකරණයක් ඇති කිරීම හා දිර්ග කාලීන මිලදී ගන්නන් සම්බන්ධ කරදීම ආදිය අරමුණු කර ගනිමින් මෙම වෙළඳ ප්‍රදර්ශනය හා අළෙවි පොළ සංවිධානය කර තිබිණි.


    මෙම වෙළඳ ප්‍රදර්ශනය හා අළෙවි පොළ සඳහා පොල් කටු හා මටුලු ආශ්‍රිත නිෂාපාදන, මල් හා පැළ වර්ග, අත්කම් නිපැයුම්, පන් ආශ්‍රිත නිෂ්පාදන, සිප්පිකටු නිෂ්පාදන, පාවහන් හා බෑග් නිෂ්පාදන, ඇගලුම් නිෂ්පාදන, ආහාර හා කුළුබඩු නිෂ්පාදන, රස කැවිලි, විසිතුරු භාණ්ඩ නිෂ්පාදන හා විවිධ නිෂ්පාදන ඇතුලත් විය. මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි ව්‍යවසායකයන් 50 කට අධික පිරිසක් ඔවුන්ගේ නිෂ්පාදන සමඟ මේ සඳහා සහභාගි වී සිටියහ.


    මාතර දිස්ත්‍රික් කාන්තා බල මණ්ඩලය, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය කරන වනිතා සංවර්ධන නිලධාරීන්ගේ සහයෝගයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ශ්‍රී ලංකා කාන්තා කාර්යංශය හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම ප්‍රදර්ශනය හා අළෙවි පොළ සංවිධානය කරන ලද බව මාතර දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරී පී.කේ.සී.නාලිනී මහත්මිය පැවසුවා ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya