අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිම්මල් වගා කරුවන් සදහා බිම්මල් බීජ නිෂ්පාදනාගාරයක්

    දෙසැම්බර් 05, 2018

    කෑගල්ල දිස්ත්‍රික්කයේ බිම්මල් වගා කරුවන් සදහා බිම්මල් බීජ නිෂ්පාදනාගාරයක් රඹුක්කන , පින්නවලදි පසුගියදා විවෘත කෙරිණි.

    මෙහි ඉඳිකිරිම් කටයුතු වෙනුවෙන් සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත ලක්ෂ 75 ක මුදලක් වැය කර තිබේ. මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කය තුළ බිම්මල් වගාකරුවන් 600 පමණ සිටින අතර මෙම නිෂ්පාදනාගාරය ඇරබීමත් සමග ඔවුන්ට අවශ්‍ය බිම්මල් බීජ මෙයින් ලබා ගත හැකිය.

    විශේෂයෙන්ම කෑගල්ලේ ගලිගමුව නගරය කෙන්ද්‍රව නිර්මාණයක කරන අවදි නගරය තුළ බිම්මල් නිෂ්පාදනකරුවන් සඳහා ඉදිරියේ දී විධිමත් වෙළඳපල අවස්ථා නිර්මාණය කිරීම සඳහා මෙම බිම්මල් බීජ නිෂ්පාදනාගාරය වැදගත් වන අතර අපනයන වෙළඳපල සඳහා බිම්මල් නිෂ්පාදනය සඳහා ද වඩාත් වැදගත් වනු ඇත. 2025 වන විට අපනයනය සඳහා ලංකාවේ වැඩිම බිම්මල් නිෂ්පාදනය සිදුකරන දිස්ත්‍රික්කය කෑගල්ල බවට පත්කිරීම අවදි නගරයේ ඉදිකිරීම එක් අරමුණකි.

    බිම්මල් බීජ නිෂ්පාදනාගාරය විවෘත කිරිමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය , සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, සබරගමුව පළාත් කෘෂි කර්ම අමාත්‍යංශයේ ලේකම් සුනිල් ප්‍රේමචන්ද්‍ර, අතිරේක පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ධනංජනී බංඩාර, කොරියානු සෙමාවුල් ගෝලීය පදනමේ ශ්‍රි ලංකා නේවාසික අධ්‍යක්ෂ පාක්, බිම්මල් වගාව පිළිබද කොරියානු මහාචාර්ය කිම් යන මහත්ම මහත්මිහු ඇතුළු පිරිසක් සහභාගී වුහ.

    DMU/Kagalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya