මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 674ක් සමඟ කුඹුරු අක්කර 13688ක වී වගා කරයි

    දෙසැම්බර් 05, 2018
    මෙවර 2018/19 මහ කන්නයේදී ගම්පහ දිස්ත්‍රිකයෙහි පුරන් කුඹුරු අක්කර 674ක ප්‍රමාණයක් සමග කුඹුරු අක්කර 13688ක වී වගා කොට ඇති බව ගම්පහ දිස්ත්‍රික් ගොවි ජන සේවා සහකාර කොමසාරිස් ඩී.බී.කේ.බී.ඇහැලේපොල මහතා පැවසීය.
     
    කුඹුරු වගා කිරීමේ ජාතික වැඩසටහනට අනුව දිස්ත්‍රික්කයෙහි ගොවිජන සේවා මධ්‍යස්ථාන 26හි මගපෙන්වීම යටතේ මෙලෙස වී වගාව සිදු කොට ඇති බවත් ගොවිජන සේවා මධ්‍යස්ථාන 13ක මගපෙන්වීම මත අක්කර 61ක කෙටි කාලීන භෝග වගාකොට ඇති බවත් ගොවිජන සේවා දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරයා පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී පැවසීය.
     
    මේ අතර රජය මගින් ක්‍රියාත්මක කොට ඇති වැව් දහසයි - ගම් දහසයි වැඩසටහන යටතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 10ක් යටතේ වැව් 10ක් සංවර්ධනය කෙරෙන බවත් මේ සඳහා රුපියල් 14 944 500ක මුදලක් වැය කෙරෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
     
    මීට අමතරව 2018 - ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන අනුව කොස් පැළ 50000ක සිටුවීමේ ඉලක්කයක් ලබා දෙමින් මේ වනවිට 18555 ක් සිටුවීමට සුදානම් කොට ඇති බව සඳහන් කළ සහකාර කොමසාරිස්වරයා ලබන වසර මුලදී ගොවිජන සේවා මධ්‍යස්ථාන 26 යටතේ කොස් පැළ සිටුවා අවසන් කිරීමට නියමිත බව ද කීය. 
     
    DMU- Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya