අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිසංස්කරණය කළ කෑගල්ල මහජන ක්‍රීඩාංගණය ජනතා අයිතියට

    දෙසැම්බර් 05, 2018

    ශ්‍රාමිය දක්ෂයින් ජාතික තලයට හා ජාත්‍යන්තරයට ගෙනයාමේ අභිප්‍රායෙන් එක් දිස්ත්‍රික්කයකට සුවිශේෂි ක්‍රිඩා පිටියක් ලබාදීමේ ජනාධිපතිතුමාගේ සංකල්පය මල්ඵල ගන්වමින් කෑගල්ල ජනතාව වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කළ කෑගල්ල මහජන ක්‍රිඩාංගනය පසුගිය දා දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අභිනව පදවියට පත්වු 2015 වසරේ ඔක්තෝම්බර් මාසයේ වැඩ ආරම්භකළ මෙම කෑගල්ල නගර සභා ක්‍රිඩාංගන යේ සංවර්ධණ ව්‍යාපෘතිය ආරම්භක අවස්ථාවේ (2015 ඔක්තෝම්බර් මාසයේ) අපේක්ෂිත ඇස්තමේන්තුව රුපියල් මිලියන 254 කි. එදා පිහිනුම් තටාකයක් ,ගෘහස්ථ ක්‍රිඩාංගනයක් ,ප්‍රභූන් හා මහජනතාව වෙනුවෙන් වෙන්වෙන්වු ප්‍රේක්ෂණාගාර සහිත ගෘහස්ථ ක්‍රිඩාංගනයක් ,සහ මීටර් 400 ධාවන පථය සහිත ක්‍රිඩාංගනය වටේට සවිමත් ආරක්ෂක බැම්ම ඇතුළු ව්‍යාපෘති 4 කටසැළසුම් කර තිබුණි.

    එහෙත් අදවන විට අතපසුවු සියළු අංගෝපාංගයන්ද සම්පුර්ණ කර ඇති බැවින් මෙහි සම්පුර්ණ වියදම රුපියල් මිලියන 350 ඉක්මවයි. ක්‍රිඩා පිටිය විවෘත කිරිම නිමිත්තෙන් අවට පාසල් 11 කට රුපියල් තිස් දහසක් පමණ වටිනා ක්‍රිඩා භාණ්ඩ කට්ටලය බැගින් බෙදා දිමද මෙහිදී සිදුවිය. රජයේ ඉංජිනේරු කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්‍යාංශයේ  නිර්මාණ හා සැළසුම් වලට අණුව මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණිත ක්‍රීඩාංගණයේ නව ඉදිකිරිම් අතර පිහිනුම් තටාකය ජාත්‍යාංතර ප්‍රමිතියේ මංතීරූ 06 කින් යුක්ත වේ. ශරීරසුවතා මධ්‍යස්ථානය , ප්‍රේක්ෂණාගාරයට සම්බන්ධ මාධ්‍ය කුටිය, කාර්යාල සංකීර්ණය ද ඒ ඒ අංශයන්ට වෙන්වු ජලපහසුකම් හා සනීපාරක්සක පහසුකම් ද සහිත ඇදුම් මාරුකීරිමේ කාමර , ජාත්‍යාංතර ප්‍රමිතියෙන් යුත් තණනිල්ලක් සහිත ක්‍රිකට් පිටිය ,ක්‍රිඩා පුහුණු විම් මණ්ඩප ද නව ක්‍රිඩා පිටිය එක්ව තිබේ.

    මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.

    DMU/Kegalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya