මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිජීවක ඖෂධ අනිසි භාවිතය වැලැක්වීම පිළිබද දැනුවත් කිරීමක්

    දෙසැම්බර් 04, 2018
    ප්‍රතිජීවක ඖෂධ අනිසි භාවිතය වැලැක්වීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මෙහෙයවීමෙන් පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
     
    ප්‍රතිජීවක ඖෂධ අනිසි ලෙස භාවිත කිරීම හේතුවෙන් රෝග තත්ත්වයන් සඳහා ඖෂධ ඔරොත්තු නොදීම මත මරණයන් පවා ඇතිවිය හැකි බැවින් වෛද්‍ය නිර්දේශයකින් තොරව හිතුමතේ ඖෂධ භාවිතය නොකළ යුතු බවට පොදු ජනතාව අතරට පණිවිඩය ගෙනයාම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අංශයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ ඔසුසල් හිමිකරුවන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණි.
     
      ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතාගේ මගපෙන්වීම  මත මෙම වැඩසටහන පැවති අතර මෙහිදී ක්ෂුද්‍ර ජීවීවේද විශේෂඥ වෛද්‍ය අසාන්ති ඉරේෂා මහත්මිය සහ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත සමරවීර මහතා දැනුවත් කිරීමේ දේශන පැවැත්වු අතර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්වන් ඒ.ජේ.එම්.නියාස් සහ නීතිඥ වීරසේකර බණ්ඩාර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.
     
    DMU-Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya