අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය බිබිලේදී ඇරඹේ.

    දෙසැම්බර් 04, 2018

    වගා සංවර්ධන කලාප පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපයේ වැඩකටයුතු ඊයේ (03) දින ආරම්භ විය.

    බිබිල කරාඬුගල විහාරස්ථානයේදී මෙහි ප්‍රධාන උත්සවය පැවැත්වුණු අතර ගොවීන් වෙත පැණි දොඩම් පැළ බෙදා දීම ද සිදු කෙරිණි.

    මුල් අදියර යටතේ පැණි දොඩම් පැළ 85,000ක් ගොවීන් අතර බෙදා දීමට සැලසුම් කර ඇත.අක්කර 2200ක පැණි දොඩම් වගා කෙරෙන අතර එම ඉඩම්වල වගා කෙරෙන සමස්ත දොඩම් පැළ ප්‍රමාණය ලක්ෂ 4කි.
    සමස්ත වගාවෙන් අපේක්ෂිත අස්වැන්න පැණි දොඩම් කිලෝ මිලියන 30කි. මෙම අස්වැන්න මිලදී ගැනීම සඳහා දැනටමත් දේශීය පුද්ගලික ආයතන දෙකක් සහ විදේශීය ආයතනයක් ඉදිරිපත් වී ඇත.

    මෙහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා කියා සිටියේ බිබිලේ පැණි දොඩම් වගා කිරීම කලාප මට්ටමෙන් වගා කිරීම නැවත ආරම්භ කරනු ලැබුවේ පැණි දොඩම් වගාවට ගොවීන්ගේ අවධානය යොමු කිරීමටත්, දොඩම් ආනයනය සඳහා විදේශ රටවලට ඇදී යන අතිවිශාල මුදල් සම්භාරයක් මේ රටේම ඉතිරි කර ගැනීම සඳහායි.

    පසුගිය කාලය තුළ අපේ රටේ ගම්මිරිස් ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගත නොහැකිව වගා කිරීම අත්හැරියා, අපිට අවශ්‍ය ගම්මිරිස් රටේ නිෂ්පාදනය වෙද්දී පිටරටින් මෙරටට ආනයනය කළා. ඒ විතරක් නෙවෙයි දේශීය ගම්මිරිස්වලට විදේශ රටවල ගම්මිරිස් කවලම් කර අපනයනය කිරීමේ ජාවාරමකුත් හෙළි වුණා. නමුත් මේ පිළිබඳව වගකීමක් ගන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා ගම්මිරිස් ජාවාරම පිටිපස්සේ සිටින්නේ කවුදැයි සොයා බැලීමට විමර්ශන කටයුතු රහස් පොලීසියට පැවරීමට තීරණය කළා. රහස් පොලිස් පරීක්ෂණවලින් පසු හෙළිදරව් වේවි, ගම්මිරිස් ජාවාරම පිටිපස්සේ හිටපු ප්‍රබල දේශපාලන හස්තය කවුරුන්ද කියලා. නැවත ඒ ජාවාරම්වලට අපි ඉඩ තියන්නේ නෑ.අපි දැන් කියන්නේ බය නැතුව වගා කරන්නයි. ඔබේ අස්වනු මිලදි ගන්න රජය මැදිහත් වෙනවා වගේම ගම්මිරිස් පැළත් අපි නොමිලේ ගොවීන්ට දෙනවා යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya