අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර - තෙලිජ්ජවිල පැවති දක්ෂිණ කෘෂි නවෝදය සාර්ථකව අවසන්

    දෙසැම්බර් 04, 2018

    දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාර්ෂිකව සංවිධානය කරනු ලබන දක්ෂිණ කෘෂි නවෝදය - 2018 නීල හරිත දැක්ම කෘෂිකර්ම, අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය නොවැම්බර් 30,දෙසැම්බර් 01 හා 02 දින වල තෙලිජ්ජවිල දිස්ත්‍රික් කෘෂි පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

    කෘෂිකර්ම ප්‍රදර්ශනය පැවති දින තුනේම පෙ.ව. 8.00 සිට ප.ව.6.00 දක්වා ප්‍රදර්ශනය විවෘතව තැබිණි.

    ගැමි ගෙවත්ත, නාගරික ගෙවත්ත හා හේන, නවීන කෘෂි යාන්ත්‍රීකරණය, විසිතුරු මත්ස්‍ය වගාව හා ආහාර තාක්ෂණය, සත්ත්ව පාලනය, නිර්පාංශු වගාව, මී මැසි පාලනය, බිම් මල් වගාව, රෝග සායන ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ ගණනාවක් මෙහිදී දැකගත හැකි විය.

    5 වසර ළමුන් සඳහා වෙන් වූ විශේෂ අධ්‍යාපන කලාපයේ දී ගොවි ගෙදර හා මෙවලම්, හේන හා පැල, කමත හා කුඹුර, කුඹල් කර්මාන්තය, කම්මල් කර්මාන්තය, වඩු කර්මාන්තය, පෙදරේරු කර්මාන්තය, වැව හා ධීවර කර්මාන්තය ආදිය හා සම්බන්ධ දැනුම ලබා ගත හැකි විය.

    කෘෂිකර්ම ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නායකත්වය හා රාජ්‍ය නිලධාරීන් එක් වී සිටි අතර දින තුන පුරාවට විශාල පිරිසක් ප්‍රදර්ශනය නැරඹීම සඳහා එක් වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya