මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල අවප්‍රමාණය වීම අද ඊයේ සිදුවූවක් නොවන බව ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් කියයි

    දෙසැම්බර් 02, 2018

    ශ්‍රී ලංකාවේ රුපියල අව ප්‍රමාණය වීම අද ඊයේ ආරම්භ වූ දෙයක් නොවන බවත් රටේ අඩු ආර්ථික වර්ධනය,ගෙවුම් ශේෂ හිඟය ඉහළ යාම,සහ 78% ක් වූ රාජ්‍ය ණය බර මෙයට බලපා ඇති ප්‍රධාන හේතුන් බවත් ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි. 

    ලෝක මුල්‍ය වෙළද පොලේ ඇමරිකානු ඩොලරයේ අගය 5% කින් වැඩි වීමත්,ඇමරිකාව පොලී අනුපාතය විටින් විට ඉහළ දැමීම නිසාත් බොහෝ ආයෝජකයෝ ඒ රටේ ආයෝජනය කිරීමට පෙළඹී සිටිති .ශ්‍රී ලංකාවේ කොටස් වෙළද පොළේ ආයෝජනය කොට තිබූ මුදල් විදේශ ආයෝජකයින් විසින් ඉවත් කර ගෙන ඇමරිකාවේ ආයෝජනය කිරීමට යාම අපේ මූල්‍ය වෙළද පොලට තදින්ම බලපා ඇතැයි ද මහාචාර්ය සමරකෝන් මහතා කී ය .

    " "වර්තමාන ආර්ථික අභියෝග" මැයෙන් කොළඹ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් මෙම අදහස් පළ කළ ඒ මහතා ,මේ තත්ත්වයට මුහුණ දීමට නම් ‍ශ්‍රි ලංකාව අපනයනයන්ට හා විදේශ ආයෝජන වලට මුල් තැන දෙමින් රටේ නිෂ්පාදනය වර්ධනය කිරීමට කටයුතු කළ යුතු බව ද පැවසී ය .

     

    කැලණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය අජිතා තෙන්නකෝන් මහත්මිය මෙහි දී කතා කරමින් අපේ රටේ ප්‍රධාන අපනයන යන්වන තේ,රබර්සහ ඇඟළුම් වලට අමතරව කෘෂි නිෂ්පාදන අපනයනය වැඩි කිරීම ,තොරතුරු තාක්ෂණය සහ ඒ මත පදනම් වූ සේවාවන් හා දැනුම විදේශයන්ට සැපයීමෙන් අපේ. රටට විදේශ විනිමය උපයා ගත හැකි බව කීවාය .

     

    ඒ හැර ශ්‍රී ලංකාවේ අපනයන යන්සඳහා ඉන්දියාව,පාකිස්ථානය ආදී රටවල් සමග ශ්‍රී ලංකාව ඇතිකරගෙන තිබෙනනිදහස් වෙළඳ ගිවිසුම් උපයෝගී කරගෙන විදෙස් රටවලින් භාණ්ඩ ගෙන්වා ප්‍රතිඅපනයනය කිරීම මගින් රටට විශාල විනිමය ආදායමක් උපයාගත හැකි බවද බව ද තෙන්නකෝන් මහත්මිය පැවැසුවාය.

    ශී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද මෙහිදී අදහස් දැක්වී ය .රාජ්‍ය නිලධාරීන් මාධ්‍යවේදීන් ,විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූහ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya