අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩිහිටි ස්වයං රැකියා ආධාර කඩිනමින් ලබාදීමට පියවර

    දෙසැම්බර් 02, 2018

    ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් ඉල්ලුම් කර ඇති ස්වයං රැකියා ආධාර මුදල් මෙතෙක් නොලැබුණු වැඩිහිටියන්ට ඉතා කඩිනමින් එම ආධාර මුදල් ලබා දීමට පියවර ගන්නා ලෙස නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

    ඒ අනුව එක් වැඩිහිටියකු සඳහා ලබා දෙන රුපියල් 20,000 ක ස්වයං රැකියා ආධාර මුදල් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් සහ ඊට වැඩි ස්වයං රැකියා ආධාර මුදල් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

    අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබා දුන්නේ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යංශය යටතේ පවතින ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද වැඩිහිටි පොළ නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

    ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් දීප ව්‍යාප්ත මට්ටමින් දෙවැනි වරට සංවිධානය කරන ලද මෙම වැඩිහිටි පොළ බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.

    දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය කරමින් පැමිණ සිටි වැඩිහිටි පුද්ගලයින්ගේ අලෙවි කුටි 100 කට ආසන්න ප්‍රමාණයක් මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
    පන් ආශ්‍රිත නිර්මාණ, මල්පැළ වර්ග, කඩදාසි ඇසුරින් කළ නිර්මාණ, සහල් වර්ග, ගස්වල මුල්වලින් කළ විසිතුරු භාණ්ඩ, තල් ආශ්‍රිත නිෂ්පාදන, විවිධ නිමි ඇදුම්, බෑග් වර්ග, පොල් කටුවලින් කළ විසිතුරු භාණ්ඩ මෙන්ම විවිධ කෑම බීම වර්ග හා රසකැවිලි වර්ගද මෙහිදී පහසු මිලට ලබා ගැනීමට පාරිභෝගිකයින්ට හිමි වී තිබීම විශේෂත්වයකි.

    මෙහිදී උතුරේ වැඩිහිටි ජනතාව විසින් අමාත්‍යවරයාට යාපනයට එන ලෙස ආරාධනාවක් සිදුකළ අතර අමාත්‍යවරයා විසින් ඉතා ලෙන්ගතුව එම ආරාධනාව පිළිගන්නා ලදි.

    මෙම අවස්ථාවට නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ, අතිරේක ලේකම් සමන් උඩවත්ත, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක එම්. රාමමූර්ති යන මහත්වරු ඇතුළු නිළධාරීහූ පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya