අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටුනායක ගුවන් තොටුපලේ නව ගුවන් යානා අංගණයක් ඇතුළු මගී පර්යන්තවල පහසුකම් පුළුල් කෙරේ

    දෙසැම්බර් 01, 2018

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු යටතේ නව ගුවන් යානා අංගණයක් ඉදිකිරීම මේ වන විට ආරම්භ කර ඇත.

    ජයිකා (JICA) ආයතනයේ සහණ ණය ආධාර යටතේ ඉදිකෙරෙන නව ගුවන් යානා අංගණය සඳහා රුපියල් දස ලක්ෂ හයදහසක් (1,006,000) වැය කෙරෙන බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම අවධාරණය කරයි.

    දැනට තිබෙන ගුවන් යානා අංගණය තුළ ගුවන් යානා 24 ක් පමණ නවතා තැබිය හැකි අතර, මෙම නව අංගණය ඉදිකිරීමත් සමග තවත් ගුවන් යානා 25 ක් පමණ නවතා තැබිය හැකි බවත්, මේ තුළින් ගුවන් තොටුපලින් ගුවන් ගතවන සහ ගොඩබානා ගුවන් යානාවලට දැනට ඇති වී තිබෙන තදබදය අවම කිරීමටද හැකිවන බව ගුවන් තොටුපල බළධාරීන් පවසයි. මෙම ඉදිකිරීම් කටයුතු ලබන 2019 වසරේ ඔක්තෝම්බර් මස වන විට නිම කිරීමට සැළසුම් කර ඇත.

    මෙම ව්‍යාපෘතියට සමගාමීව ගුවන් තොටුපල පරිහරණය කරනු ලබන, ගුවන් මගීන්ගේ පහසුව සඳහා පිටවීමේ හා පැමිණීමේ පර්යන්ත තුළ නවීකරණ කටයුතු කිහිපයක්ද මේ වන විට ආරම්භකර ඇත.

    ඒ අනුව,
     පැමිණීමේ පර්යන්තය තුළ ආගමන සේවා සඳහා අංගසම්පූර්ණ නව ශාලාවක් ඉදිකිරීම
     පිටවීමේ පර්යන්තයේ විගමණන අංශය පුළුල් කිරීම
     මහජන නැවතුම් ශාලාව පුළුල් කිරීම
     මගී ගමන් මළු සහ භාණ්ඩ පහසුවෙන් හා කඩිනමින් ලබාගැනීම සඳහා පහසුකම් සැපයීම

     මහජන රථගාල තුළ නව ආපනශාලාවක් ඉදිකිරීම වැනි කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. මේ සඳහා ගුවන්

    තොටුපල හා ගුවන් සේවා සමාගම රුපියල් දස ලක්ෂ එක්දහස් දෙසීය හැත්ත පහක් (1,001,275) වැයකරන බව අවධාරණය කරයි.

    මෙම ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවති අතර, ඉන් අනතුරුව අද (30) පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකටද සහභාගී විය.

    මෙම නිරීක්ෂණ චාරිකාව අවසානයේදී අදහස් දැක්වු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ, දිනකට ලක්ෂ 10කට ආසන්න මගී සංඛ්‍යාවක් මෙම ගුවන් තොටුපල වෙත පැමිණෙන අතර, එම මගීන් සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රජය විසින් විශේෂ වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇති බවයි. දැනට සිදුකරමින් පවතින ඉදිකිරීම් කටයුතු ලබන වසර මැදදී අවසන් කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවද, එහෙත් ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රමාදය හේතුවෙන් ඉදිකිරීම් කටයුතු මෙතෙක් ප්‍රමාද වු බවද පවසයි. මේ පිලිබඳ සොයා බැලීම සඳහා තමා මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වු බවද තමා විසින් කොන්ත්‍රාත් කරුවන්ට දන්වා සිටියේ ගිවිසුම්ගත නියමිත දිනවලට ඉදිකිරීම් කටයුතු අවසන් කර
    ගුවන් තොටුපල වෙත බාරදිය යුතු අතර, එසේ නොමැති වුවහොත් කොන්ත්‍රාත් ගිවිසුම් අවලංගු කර අදාල මුදල් ගෙවීම් නවතා දමන
    බවයි.
    විශේෂයෙන් මෙම ඉදිකිරීම් කටයුතු නිමවීමෙන් පසුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ජාත්‍යන්තර තලයේ ප්‍රමිතීන්ගෙන් යුතු ගුවන් තොටුපලක් වන බවත්, එය අප ලැබු ජයග්‍රහණයක් බවත්ය. එමෙන්ම ඉදිරි වසර වලදී ගුවන් තොටුපල වෙතපැමිනෙන හා ගුවන් තොටුපලින් පිටවන ගුවන් මගීන්ගේි සංඛ්‍යාව ඉහළ යාම අරමුනු කරගෙන දෙවන මගී පර්යන්ත ගොඩනැගිල්ලක අවශ්‍යතාවයක් ඉස්මතු වී ඇති බවත්ය. ඒ සඳහා අවශ්‍ය කටයුතුද දැනටමත් සිදුකෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

     

    මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්.විතානගේ සහ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති සමන් එදිරිවීර යන මහත්වරුන් ඇතුලු නිළධාරින් පිරික්ද සහභාගී විය.

    විරාජ් අබේසිංහ
    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya