අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙනා යෝජනා තරයේ ප්‍රතික්ෂේප කරනවා- සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ රජයේ ස්ථාවරය කියයි

    දෙසැම්බර් 01, 2018

    විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනා රජය තරයේ ප්‍රතික්ෂේප කරන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

    රජයක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවසර ලබාදීම පිළිබන්දව විශේෂයෙන් ම ප්‍රශ්න කරනවා.ව්‍යවස්ථාව උල්ලංඝණයක් මෙම යෝජනාව ගෙන ඒමෙන් සිදු වී තිබෙනවා. ව්‍යවස්ථාවේ 152 යටතේ කියවෙනවා,වගන්තියේ පැහැදිළිව කියනව, එක එක්කෙනාට මුදල් පිළිබඳ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බෑ කියලා. මුදල් ඇමැතිවරයාට පමණයි මුදල් පිළිබඳ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක්කේ.152 වගන්තිය මුළු මනින් ම උල්ලංඝණය කරමින් තමයි,පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට අද (30) සහ ඊයේ(29) මේ යෝජනා දෙක ඉදිරිපත් කරලා,හිතාමතා අවුලක් ඇති කරන්න,රජයේ නිලධාරීන්ට බලපෑම් කරන්න,මේ යෝජනාව සම්මත කරගෙන තියෙන්නේ.ඒ නිසයි අප විවාදයට සහභගී නොවුණේ.අප කැමැති නෑ නීත්‍යාණුකූල නොවන දෙයකට සහභගී වෙන්න යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනා ප්‍රතික්ෂේප කරමින් රජයි ස්ථාවරය පැහැදිළි කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

     

    VEDIO LINK- 

    https://www.facebook.com/newslk/videos/285331318760835/

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya