අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාබනික ගොවිතැන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ අපේක්ෂාවන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්

    නොවැම්බර් 30, 2018

    කාබනික ගොවිතැන ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නියුතු පාර්ශවයන් දැනුවත් කිරීමේ සහ කාබනික ගොවිතැන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ අපේක්ෂාවන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ජාතික කාබනික පාලක ඒකකය (NOCU) මගින් 2018 නොවැම්බර් මස 29 වන දින අපනයන සංවර්ධන මණ්ඩලය පරිශ්‍රියේදී සංවිධානය කරන ලදි.

    වගාකරුවන්, ගොවීන්, සැකසුම්කරුවන්, වෙළඳුන්, අපනයනකරුවන්, ආනයනකරුවන් සහ වෙනත් කාබනික ගොවිතැන ආශ්‍රිත ව්‍යවසායකයන් වෙනුවෙන් මෙම වැඩමුළුව සංවිධානය කෙරිණි.

    කාබනික ගොවිතැනෙහි මූලධර්ම සහ ශ්‍රී ලංකාවේ විශ්වසනීය කාබනික වටිනාකම් දාමයක් සහතික කරගන්නේ කෙසේද, කාබනික ගොවිතැන සඳහා නවීන කෘෂිකාර්මික භාවිතයන්, කාබනික අපනයන කෘෂි බෝග සංවර්ධනය කිරීමේදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය,කාබනික ගොවිතැන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ අපේක්ෂාව,දේශීය සහ ජාත්‍යන්තර සහතිකකරණ ආයතන මගින් කාබනික නිශ්පාදන සහතික කිරීම,ජාත්‍යන්තර කාබනික ප්‍රමිතීන් හා එහි භාවිතයට ඇති හැකියාව ආදිය වැඩමුළුව මගින් ආවරණය කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya