අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සභාගැබට නොයන තීරණයක් 

    නොවැම්බර් 29, 2018

    පාර්ලිමේන්තුව පෙරවරු 10.30ට අද(29) දිනයේ යලි රැස් වූ අතර ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු රැස්වීමට සහභාගීවීමෙන් වැළකී සිටියේ ය.

    අද දිනයේත් පාර්ලිමේන්තු මහජන ගැලරිය වසා තබා තිබුණි.

    පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කතානායක කරූ ජයසූරිය මහතා තීරණය කර තිබුණි. පාර්ලිමේන්තුව ආරම්භ වීමට පෙර ආණ්ඩු පක්ෂය විසින් කණ්ඩායම් රැස්වීමක් පවත්වන ලදී.

    ආණ්ඩු පක්ෂයේ රැස්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී ආඳහස් දැක් වූ සභනායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ, ස්ථාවර නියෝගවලට පටහැනි ව්‍යවස්ථාවට පටහැනි ලෙස පවත්වන රැස්වීමට සහභාගී නොවන බවය. එමෙන් ම අද දින විවාදයට ගත් මුදල් පිළිබඳ යෝජනාව නීත්‍යාණුකූල පදනමක් නොමැති බවද මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍යවරු පෙන්වා දුන්නේ ය.

    .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya