අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි ජලය රැස්කිරීම තුළින් ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ආරම්භ වෙයි

    නොවැම්බර් 29, 2018

    වැසි ජලය රැස්කිරීම තුළින් ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ඊයේ (28) පැවැත්විණි.

    ලංකා වැසි ජල රැස්කරන්නන්ගේ සංසදය හා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද වැසි ජලය රැස්කිරීම තුළින් ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ ආරම්භක සැසිවාරය නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාහ් මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (28) දින බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතන  ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

      මෙම සමුළුවට ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, මහා බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් ජල සුරක්ෂතා සේවයේ නිරත වී සිටින සියයක් පමණ පිරිසක් සහභාගී වූහ.
    මෙයට සමගාමීව ඊයේ දිනයේ පැවති වර්ෂා කෙටි චිත්‍රපට උළලේ ජයග්‍රහයකයන් සඳහා සම්මාන පිරිනමන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya