මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩ්‍රෝන කැමරා මඟින් ලබාගත් ඡායාරූප ඇතුළත් විශේෂ මුද්දර 04ක් නිකුත් කරයි

    නොවැම්බර් 29, 2018

    සයුරු තෙර තරණය කරන සුවහස් යාත්‍රිකයන්ට මඟ කියන සිරිලක සිව්කොන පිහිටි ප්‍රතීපාගාරයන් නිරූපනය කරමින් විශේෂ මුද්දර 04 ක් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කළේ ය.

    කොළඹ පිහිටි කොළඹ ප්‍රතීපාගාරය අසළ දී මෙම එළි දැක්වීම සිදු කළේ ය.

    එහිදී රු.45.00 වටිනාකමකින් යුත් මුද්දර 04 ක් සහ සිහිවටන පත්‍රිකා 04 ක් සහ විශේෂ පොතක්ද නිකුත් කෙරිණි. මුද්දර නිකුත් කිරීම සිදුකෙරුණේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය සී.බී.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට අමාත්‍යවරයා නිළ වශයෙන් සහභාගීවූ පළමු මුද්දර නිකුත් කිරීම ද වෙයි.

    මෙම මුද්දර පෙළ තායිලන්තයේ බැංකොක් නුවර හෙට සිට ආරම්භවන ජාත්‍යන්තර මුද්දර ප්‍රදර්ශනය වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ මුද්දර නිකුත් කිරීමක් ද වෙයි. එසේම ඩ්‍රෝන කැමරා තාක්ෂණයෙන් ඡායාරූපගත කරන ලද මෙරට පළමු මුද්දර පෙළ ලෙසද මෙය මුද්දර ඉතිහාසයට එක් වෙයි.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල, තැපැල්පති රංජිත් ආරියරත්න, ඇතුලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිළධාරීන් රැසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya