මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති හා අමාත්‍ය මණ්ඩලය පත්කිරීම නීත්‍යාණුකූල නෑ යැයි පැවසීම තරයේ ප්‍රතික්ෂේප කරනවා

    නොවැම්බර් 28, 2018

    අගමැති හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීම නීත්‍යාණුකූල නෑ යැයි පැවසීම තරයේ ප්‍රතික්ෂේප කරනවා. දේශපාලන වාසි ප්‍රයෝජන තකා මෙවැනි සටන් පාඨ පාවිච්චි කරන කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගීවෙමින් මේ බව පැවසී ය.

    තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා; ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අභියෝගයට ලක් කරන්න තිබුණා. දේශපාලන  වාසි ප්‍රයෝජන තකා සටන් පාඨ පාවිච්චි කරනවා. රටේ සංවර්ධන ගැන සිතා වගකීමකින් අතුරු සම්මත ගිණුමක්  ඉදිරිපත් කළත් අයවැයක් ඉදිරිපත් කළත් පියවර ගන්නේ. ජනතාවගේ ජීවිත පහසුවෙන් ගෙන යන්න සහන  බලපොරොත්තු වෙනවා, ජනතාවගේ පැත්ත බලලා සහන දෙන්න සූදානම්,කෙනෙකුට පේන්න පුළුවන් එය සීනි  බෝල කියල.අයවැයේ දී ජනතවට සහන ලබාදිය යුතුයි 

    ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා, ජනාධිපතිවරණය නියමිත කාලසීමාවේ දී පවත්වන බවත් ජනාධිපතිතුමගේ සම්පූර්ණ කලයෙන් පසුව ජනාධිපතිවරණය පැවැත්වෙන බවත්  පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya