අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුව පාර්ලිමේන්තුව වර්ජනය කළා නොව,වර්ජනය කළේ කතානායකවරයාවයි - ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු කියති

    නොවැම්බර් 28, 2018

    පාර්ලිමේන්තුව වර්ජනය කරනවා නොව කතානායකවරයාගේ ස්ථාවරයට විරුද්ධ බව පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු කියති.

    ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරු මෙසේ පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ අධිකරණ හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ;

    ඉතා පැහැදිලිව කියන්න ඕන පසුගිය 14 වෙනිදා සිටම කතානායකගේ මේ ක්‍රියාවට අපි විරුද්ධ වුණා.මෙය නීති විරෝධී,රීති විරෝධී,සම්ප්‍රදාය විරෝධී සහ ස්ථාවර නියෝගය වලට පටහැනියි. කරූ ජයසූරිය මැතිතුමාට අපි අවධාරණය කරනවා මීට විසඳුම හැකි ඉක්මනින් ජනමතයකට යන එක කියලා. ජනාධිපතිතුමා විසින් වාර අවසාන කළ පාර්ලිමේන්තුව ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව14 වෙනි දින නැවත නැවත කැඳෙව්වා. එහෙත් ඉන් පසුව
    න්‍යාය පත්‍රයේ නැති විධියට පාර්ලිමේන්තුව ගෙන ගියා. 14 වෙනිදා සිට න්‍යාය පත්‍රයක් නැහැ .කතානායකවරයාගේ මෙම ක්‍රියාකලාපය ව්‍යවස්ථාදායකයයි අධිකරණයයි අතර අර්බුදයකට මග පෑදී තිබෙනවා. පත් වෙලා තිබෙනවා.

    මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා  කරුණු පැහැදිලි කරමින් මෙසේ කීය.

    අද වන විට පාර්ලිමේන්තුව සතු බලය අභියෝගයට ලක් වී ඇති බවත්, මීට සමාන තත්ත්වයක් 2004 හිටපු කතානායක වි.ජ.මූ ලොකුබණ්ඩාර මහතා කතානායකවරයා ලෙස පත්වන විට සහ 2015 ජනවාරි 09 වනදා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතිශය සුළුතරයකින් අගමැති වන අවස්ථාවේදී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා කතානායකවරයා වශයෙන් පත් වූ අවස්ථාවේදී ද , ඇති වූ බවත් එම කතානායකවරු ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට අනුකූලව ක්‍රියා කළ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

    විධායකය,ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ත්‍රිත්වයෙන් තමා රට පාලනය වෙන්නේ. කරූ ජයසූරිය මැතිතුමාට අපි අවධාරණය කරනවා මීට විසඳුම හැකි ඉක්මනින් ජනමතයකට යන එක කියලා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්ධික ප්‍රනාන්දු, සබරගමු පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයසූරිය සහ
    පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් ද මෙම මාධ්‍යහමුවේදී අදහස් දැක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya