මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ 70 වසරක විද්‍යා හා තාක්ෂණ දියුණුව දැක්වෙන මහා ප්‍රදර්ශනයක් කොළඹදී

    නොවැම්බර් 27, 2018

    නිදහස ලැබී ගත වූ 70 වසර තුළ ශ්‍රී ලංකාව අත් කර ගෙන ඇති විද්‍යා තාක්ෂණ ප්‍රවර්ධනය විදහා දැක්වෙන මහා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය සහ කොළඹ විශ්ව විද්‍යාලය කටයුතු යොදා ගෙන යයි.

    ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ 74 වැනි සැසි වාරයට සමගාමී ව සංවිධානය කොට ඇති මෙම ප්‍රදර්ශනය දෙසැම්බර් මස 5,6,7 හා 8 යන දිනයනහි කෙළඹ විශ්ව විද්‍යාලීය විද්‍යාපීඨ පරිශ්‍රයේදී හා එහි පරිගණක පාසල් පරිශ්‍රයේදී පැවැත්වෙන බව විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති චන්දන ජයරත්න මහතා පවසයි.

    පාසල් සිසුන් හා මහජනතාව සදහා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට විද්‍යා තාක්ෂණ අමාත්‍යංශය, ජාතික විද්‍යා පදනම, ආතර් සී. ක්ලාක් ආයතනය, ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, නැනෝ තාක්ෂණ ආයතනය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන රාෂියක් හා පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි විශාල සංඛ්‍යාවක් ඇතුළත් වන බව ද මහාචාර්ය ජයරත්න මහතා විද්‍යා මන්දිරයේ අද (27) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

    මෙයට අමතර ව ප්‍රදර්ශනය පැවැත්වෙන දිනවල නොමිලේ ග්‍රහලෝකාගාර දර්ශන, නාසා විද්‍යාඥයින් ඇතුළු විද්‍යාඥයින්ගේ දේශන, සමස්ත ලංකා නව නිපැයුම්කරුවන්ගේ ප්‍රදර්ශනය, දුරේක්ෂ මගින් රාත්‍රී අහස නිරීක්ෂණ කදවුර හා දුරේක්ෂ තුළින් සූර්යා නිරීක්ෂණය කිරීම ආදී අංග ද මෙයට ඇතුළත් වේ.

    මේ අතර ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ 74වන වාර්ෂික සැසිය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස දෙවන දින පස්වරු 1.15 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී විවෘතවන බව ද මහචාර්ය චන්දන ජයරත්න මහතා තව දුරටත් පැවසීය.

    ශ්‍රි ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න සමග එහි සම ලේකම් වරුන්වන ආචාර්ය ජීවන්ත ප්‍රේමරත්න හා ආචාර්ය චින්තක ද සිල්වා යන මහත්වරුන් හා සංගමයේ අංශ ප්‍රධානිහුද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya