මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුපක්ෂය අදත් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගීවිමෙන් වැළකෙයි

    නොවැම්බර් 27, 2018

    ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද(27) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමෙන් වැළකී සිටියේ ය.

    අද උදෑසන ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩයම පාර්ලිමේන්තුවේ දී රැස්වූ අතර එහිදී මෙම තීරණයට එළැඹි බව ආණ්ඩුපක්ෂයේ අමාත්‍යවරු සඳහන් කළේ ය.

    පාර්ලිමේන්තුවේ ස්ථවර නියෝග අනුව, නිසි පරිදි අපක්ෂපාතීව පාර්ලිමේන්තුවේ කටයුතු කතානායකවරයා විසින් සිදු කරන තෙක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට සහභාගීවීමෙන් වැළකී සිටින බව පාර්ලිමේන්තුවේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සභානයක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසී ය.

    එමෙන් ම පසුගිය 14,15,16,19,21, සහ 23 දිනවල පැවැති පාර්ලිමේන්තුවේ කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හ ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සිදු නොවූ බවත් ඒ අනුව පාර්ලිමේන්තු හැන්සාර්ඩ් වාර්තා පිළිගත නොහැකි බවත් එම වාර්තා  ප්‍රසිද්ධ නොකරන ලෙසත් ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් කතානායකවරයාගෙන් ළිඛිතව ඉල්ලීමක් ද කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya