මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    40 වැනි ජාතික යෞවන සම්මාන උළෙල හෙට

    නොවැම්බර් 27, 2018

    බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධනය කරනු ලබන 40 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදානය හෙට (28) ප.ව.5.00 ට නෙළුම්පොකුණ රංග ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගීවීමට නියමිතය. ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ සෞන්දර්යාත්මක කුසලතාවයන් ජාතික මට්ටමට හඳුන්වාදෙමින් ඔවුන් ඇගයීම අරමුණු කරගනිමින් පැවැත්වෙන ජාතික යෞවන සම්මන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සෞන්දර්යාත්මක ඉසව් 110ක් ආවරණය කරමින් තරුණ නිර්මාණකරුවන් 160 දෙනෙකු ඇගයීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya